Friday, January 13, 2017

කලාව (ප්‍රවීණ පරම්පරාව සහ නව පරම්පරාව)

දිවා අහාරය ගැනීමට මත්තෙන් රූපවාහිනිය ඉදිරිපස හිදගත්තෙමි. ජාතික රූපවාහිනී නාලිකාවේ වැඩසටහනක් අහම්බෙන් විකාශය වුනි. එහි මාද පුද්ගලිකව දන්නා නව පරපුරෙහි කලා ක්ෂේත්‍රයේ කිහිප දෙනෙක් සංවාදයක යෙදෙයි.


 වැඩසටහන මෙහෙයවුයේ අමිල අබේසේකර ප්‍රවීණ කලාකරුවා විසිනුයි. ඔහු වැදගත් ප්‍රශ්නයක් යොමු කරනවා. "ප්‍රවීණයන් කියනවා අලුත් පරම්පරාවෙ කලාකරුවන් ආත්මාර්ථකාමී  කියා. මේ ගැන මොකද කියන්නෙ?"

සහභාගිව සිටින අය විවිධ පිළිතුරු සපයයි. පිළිතුරු කිහිපයක් සාර්ථක අතර සමහරක් පිළිතුරු බොළද බව මාහැගි සිතුවිල්ලයි.

බොහෝ පිළිතුරු අතර, ඉරිසියාව, නව පරම්පරාවේ වෙනස දැකීමට නොහැකියාව, ජනප්‍රිය වීමත් සමග ප්‍රේක්ශකයන්ගෙන් එන වෛරය, අදින පළදින විදිහෙන් මැනීම ආදිය වුවා.

නමුත්, රූපවාහිනිය නරඹන ප්‍රේක්ශකයෙක් වශයෙන් මා දුටුවේ අතිමානය විදහාපාන චරිත කිහිපයකි (සියල්ලන් නොවේ).

අදරණීය සොයුරු කලාකරුවනි,

මෙතන මා ඉහත සදහන් කළ එක හේතුවක්වත් අමිල අයියා ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් නොවේ. ඒ ඔබ සිතන ආකරයයි. ඒවා මදක් දුරට සත්‍ය විය හැකිමුත් මා දකින්නේ ඉහත පිළිතුරු සාර්ථක නොවන බවයි.

පුද්ගලිකව මා සියල්ලන්ගේම කුසලතා වලට ගරු කරන මුත් ඔබ සතුව නොවූ එක් ගුණාංගයක් දැක්කෙමි.

එයනම් "නිහතමානී කමයි"

කලාකරුවෙක් වශයෙන් හොද හෝ නරක ආකරයෙන් ප්‍රේක්ශකයන්ගෙන් ප්‍රතිචාර අපට ලැබෙනවා. ඒ සියල්ලක්ම අප නිහතමානීව බාර ගත යුතුයි. කෙනෙක් කලාකරුවෙක් දෙස බලන ආකරය විවිධාකාර විය හැකි නමුත් කලාකරුවෙක් වශයෙන් ඔබ නිහතමානීව ප්‍රේක්ශකයා අතරේ පෙනී සිටීනම් වඩාත් සාර්ථකව ඉදිරි ගමනක් යා හැකි බව නිසැකයි. ප්‍රවීනයන් නව පරම්පරාව ආත්මාර්ථකාමී ලෙස දැකීමට හේතුව නිහතමානී කම නැතිවීමයි.

ඔබ ශ්‍රී ලාංකික කලාකරුවෙක්නම් මෙරට මව් භාශාව සිංහල හොදින් ප්‍රගුණ කරන්න. එවිට
එයත් ඔබේ කලා ගමනට සාර්ථකත්වයක් එක් කරයි. (As in order to become a hollywood artist, you have to know proper English).

නිහතමානී වීම "be yourself" වීමට නොහැකියාවක් යයි සිතන්නෙපා. නිහතමානී කමත් "be yourself" එකෙහි ගුණාංගයක් විදිහට එකතු කරගන්න.

  අද ඔබ දෙන ආදර්ශයෙන්, මතු නව පරම්පරාව ඔබටත් හාත්පසින් කරන වෙනසට අතිමානය එකතු උනාම කරන වෙනස විකාරයක් ලෙස සමහරවිට ඔබටත් පේනේවි. එම නිසා කෙනෙක් අපේ අඩුවක් පෙන්වනවානම් එය නිහතමානීව පිළිගෙන එය සකස් කරගන්න බලමු.

(කිසි කෙනෙක් වෙත පුද්ගලික තරහක් හෝ ඉරිසියාවක් නැති බව සලකන්න. ඔබ ගමන සාර්ථක වීමට යහළුවකු වශයෙන් දෙන අවවාදයක් බැව් සළකන්න)

ඔබට ජය :) තෙරුවන් සරණයි!