Sunday, February 17, 2019

ඔබ අවට ඇති දේ එය ඇති ලෙස ඔබ නොදකී..!!

You are the creator of your own mind!

ඔබ අවට ඇති දේ එය ඇති ලෙස ඔබ නොදකී..!!

 මෙයට හේතු වන්නේ ඔබ අසළ හෝ අවට ඇති දේ තිබෙන දෑ මත ඔබ ඔබගේ මනසින් සිතුවිලි නැගීමයි. ඒ අනුව ඔබ තුළ ඔබ අවට ඇති දෑ කෙරෙහි ඔබ මනසින් විවිධ වූ ආකාරයෙන් කැමති හෝ අකමැති ලෙස දකී.  ඔබ අසල ඇති යම් දෙයක් දැක,
විටෙක කැමැත්තකින් ඔබ බැදේ. විටෙක අකැමැත්තකින් බැදේ.. කැමැත්ත අකැමැත්තද විවිධාකාරයේ මට්ටම් වලින් පවතියි. 

කැමැත්තකින් බැදුනහොත් එය "හොදයි/ලස්සනයි/කැමතියි/අගෙයි/එල " යන ආකාරයෙන් දැනේ.
කැමැත්තෙන් බැදෙන මට්ටම ඉහලනම් එය "ඉතා අගෙයි/පට්ට!/ නියමයි/ සුපිරියි/වාව්(wow)/ෂෝයි අනේ/ඇඩෙනවා යකූ!!" යන ආදියෙන් දැනේ..

මෙලෙසයි ඔබගේ මනස, අවට ඇති දේ ඇසින්  දැක කනින් අසා ඒ දේවල් කෙරෙහි මනසින් සිතුවිලි නගා එතුලට බැදෙන්නේ. නමුත් එය එම දෙයෙහි තිබූ දෙයක් නොව. ඔබ මනසින් සාදාගන්නා ලෝකයයි. මෙලොව ජීවිතය 10% අප අවට ඇති දේය. 90%ක් ඔබ මනසින් එම දේවල් දැක, අසා ,විද මනසින් සාදාගන්නා ලෝකයයි.

අප අකමැත්තෙන් බැදෙන අවස්ථාද ඇත.

 දෙයක් දුටු විට එම දෙයෙහි නැති නමුත් අප මනසේ සකස් වන්නා සිතුවිලි නිසා යම් දේ දුටු විට "එය හොද නෑ/ නරකයි/කැතයි/හරි නෑ/ ගතියක් නෑ/ මදි/ " යන ආකාරයෙන් දැනේ.

 අකැමැත්තේ මට්ටම ඉහළනම් එය "මහම නරකයි/ඊයා/අප්පිරියයි/ මෙලෝ රහක් නෑ/ අපෝ වැඩක් නෑ/ මහ වදයක්/ පේන්න බෑ/දෙන්න හිතෙනවා දැක්කම" යනාදියේ සිතුවිලි ඇති වේ..

මෙඅයුරින් ලොව ඇති උපේක්ෂා ගුණයෙන් යුක්ත සෑම දෙයක් කෙරෙහිම අප මනසින් විවිධාකාරයේ සිතුවිලි සාදා අපිටම අවේණික වූ අපේ ලෝක තම තමාට සාපේක්ෂව අප සාදාගනියි!

මෙම රූපයෙන් එය කෙටියෙන් පවසා ඇත.

තම තමාගේ මනසේ සෑදෙන හැගීමට අනුව ලොව දැකීම මනසේ රැවටීමට හසු වීමයි; එය මෝඩකමකි.