Sunday, February 17, 2019

ඔබ අවට ඇති දේ එය ඇති ලෙස ඔබ නොදකී..!!

You are the creator of your own mind!

ඔබ අවට ඇති දේ එය ඇති ලෙස ඔබ නොදකී..!!

 මෙයට හේතු වන්නේ ඔබ අසළ හෝ අවට ඇති දේ තිබෙන දෑ මත ඔබ ඔබගේ මනසින් සිතුවිලි නැගීමයි. ඒ අනුව ඔබ තුළ ඔබ අවට ඇති දෑ කෙරෙහි ඔබ මනසින් විවිධ වූ ආකාරයෙන් කැමති හෝ අකමැති ලෙස දකී.  ඔබ අසල ඇති යම් දෙයක් දැක,
විටෙක කැමැත්තකින් ඔබ බැදේ. විටෙක අකැමැත්තකින් බැදේ.. කැමැත්ත අකැමැත්තද විවිධාකාරයේ මට්ටම් වලින් පවතියි. 

කැමැත්තකින් බැදුනහොත් එය "හොදයි/ලස්සනයි/කැමතියි/අගෙයි/එල " යන ආකාරයෙන් දැනේ.
කැමැත්තෙන් බැදෙන මට්ටම ඉහලනම් එය "ඉතා අගෙයි/පට්ට!/ නියමයි/ සුපිරියි/වාව්(wow)/ෂෝයි අනේ/ඇඩෙනවා යකූ!!" යන ආදියෙන් දැනේ..

මෙලෙසයි ඔබගේ මනස, අවට ඇති දේ ඇසින්  දැක කනින් අසා ඒ දේවල් කෙරෙහි මනසින් සිතුවිලි නගා එතුලට බැදෙන්නේ. නමුත් එය එම දෙයෙහි තිබූ දෙයක් නොව. ඔබ මනසින් සාදාගන්නා ලෝකයයි. මෙලොව ජීවිතය 10% අප අවට ඇති දේය. 90%ක් ඔබ මනසින් එම දේවල් දැක, අසා ,විද මනසින් සාදාගන්නා ලෝකයයි.

අප අකමැත්තෙන් බැදෙන අවස්ථාද ඇත.

 දෙයක් දුටු විට එම දෙයෙහි නැති නමුත් අප මනසේ සකස් වන්නා සිතුවිලි නිසා යම් දේ දුටු විට "එය හොද නෑ/ නරකයි/කැතයි/හරි නෑ/ ගතියක් නෑ/ මදි/ " යන ආකාරයෙන් දැනේ.

 අකැමැත්තේ මට්ටම ඉහළනම් එය "මහම නරකයි/ඊයා/අප්පිරියයි/ මෙලෝ රහක් නෑ/ අපෝ වැඩක් නෑ/ මහ වදයක්/ පේන්න බෑ/දෙන්න හිතෙනවා දැක්කම" යනාදියේ සිතුවිලි ඇති වේ..

මෙඅයුරින් ලොව ඇති උපේක්ෂා ගුණයෙන් යුක්ත සෑම දෙයක් කෙරෙහිම අප මනසින් විවිධාකාරයේ සිතුවිලි සාදා අපිටම අවේණික වූ අපේ ලෝක තම තමාට සාපේක්ෂව අප සාදාගනියි!

මෙම රූපයෙන් එය කෙටියෙන් පවසා ඇත.

තම තමාගේ මනසේ සෑදෙන හැගීමට අනුව ලොව දැකීම මනසේ රැවටීමට හසු වීමයි; එය මෝඩකමකි.

Sunday, October 1, 2017

නිවන් අවබෝධ කරන්නේ කෙසේද?

නිවන කියන අවධිය ගැන කතා බහ කරන විට කෙනෙක් මෙයට එකඟ වන්නට පුළුවන් අතර කෙනෙක් මෙයට එකඟ නොවන්නට පුලුවන්.

එසේ වන්නේ අපි බොහෝ විට යම් දෙයකට එකඟ වන්නේත්, නොවන්නේත් අපි එය පිළිබඳව දැනුමකින් යුක්ත වීම හෝ එය අත්දැකීමක් ලෙස ලබා තිබීම නිසයි.

නිවන හිතේ ඇතිවන ස්වභාවයක් නිසා එය කිසි කෙනෙකුට පෙන්විය නොහැක. මොකද එය භෞතික ලෝකයේ නොපවතින පංච ඉන්දිරියන්ට ගෝචර නොවන එකක් බැවිනි. නිවන පූර්ණ ලෙස අවබෝධ වීම සහ නිවනක් යන්න මොකක්ද යන්න අවබෝධයකට පත් වීමත් සමගම ඔබට හිතට සුවයක් සතුටක් දැනෙන්න පටන් ගන්නවා. ක්‍රම ක්‍රමයෙන් රාග, ද්වේශ , මෝහ වලින් මිදී අලෝභ අද්වේශ අමෝහ සිත තුළ වැඩෙන විට ඇති වන ප්‍රීතිය සතුට සදාකාලික එකක්. රාගයෙන් ඇලීමෙන් ලැබෙන ආශ්වාදය සතුට තාවකාලික එකක්.

කාටද නිවනක් දැකිය හැක්කේ?

ආශ්වාද විඳින්න නොයෙකුත් දේවල් කරපු අයට නිවනක් දැකිය හැකියි. ගෙදර තුළම සමාජයට බයේ ආශ්වාද භුක්ති විඳීමට නොගිය, දුකක් නොවින්ද කෙනෙකුට නිවනක් දකින්න බැහැ. ආශ්වාද වින්ද නැති කෙනෙක් කොහොමද ආශ්වාදයක් කියන්නේ මොකක්ද කියල අවබෝධ කරගන්නේ? අන්න ඒ නිසයි. හොඳට කාල බීල නටල ගයල ආශ්වාද විඳල එයින් තෘප්තිමත් නොවුන කෙනෙකුට තමයි නිවනක් දැකිය හැක්කේ.

නිවන අවබෝධ කරන්න මොකක්ද කළ යුත්තේ?

ඔබ තවමත් ජීවිතය විඳල නැත්තම් ඔබ ආස කරන දේවල් කරල නැත්නම් ඒ හැමදේම සිදු කර බලන්න. යම් දිනක ඔබ ආශ්වාද ලබාගැනීමට යාම තුළින් දුකක්, අතෘප්තියක්, පීඩාවක් අත් වින්දේනම් පමණි ඔබට මෙය අවබෝධ කර ගත හැක්කේ .

ජීවිතේ විඳලා විඳලා දුකක් දැනිල මේකෙ තේරුමක් නෑ කියල කෙනෙක් ඒවයින් ඈත් වෙන්න බලනවා. එහෙම කෙනෙක් මොකක්ද කළ යුත්තේ. ?

අපි හිතමු කොළඹ ගිහින් නැති කෙනෙක්ට කොළඹ මෙහෙමයි කියලා කිව්වොත් ඔහු පිළිගන්නට හෝ නොපිළිගන්නට පුළුවන්. ඒත් අපි ඔහුට වාහනයක් දුන්නොත් මේකෙ නැගල පලයං ගිහින් බලපං කියලා ඔහුට මෙය අත්දැකීමෙන්ම දැනගත හැකියි. නිවන තව කෙනෙක්ට පෙන්වන්න බෑ. එය සෑම කෙනෙක්ගේම තම තම හිත තුළ පවතින දෙයක් නිසා.

ඒත් අපිට පෙන්වන්න පුළුවන් පාරක්.. මේ පාරෙ ගියොත් ප්‍රතිඵලයක් විදිහට මෙය ලැබෙනවා කියලා. නිවනට යන පාර තමයි ආශ්වාද , ආදීනව, නිස්සරණ පිළිබඳ නිසි අවබෝධය .ඒ පාර ඔස්සේ යන එක ඔබ අතේ. තව කෙනෙක්ට බලෙන් ඇදන් යන්න බෑ. ඒ සුවය වින්දවන්න බෑ.

දැනටමත් මේ ආශ්වාද විඳපු කෙනෙක්ට මේ පාර විවෘතයි!. ආශ්වාද නොවිඳපු අය ආශ්වාද පස්සෙ ගිහින් මුලින් විඳල තිබීම තමයි වැදගත් වෙන්නේ. බුද්ධ ශාසනය කාලෙයෙත්, බුද්ධිමත්, ආශ්වාද විඳපු අය මේ ශාසනය කෙරෙහි ඇදී ඇවිත් මාර්ගඵල ලාභීන් වෙන්න හේතුව එයයි!

ඉතින් මේ විද්‍යාව ආගම් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට විවෘත දෙයක්. විශ්වාසයට එහා ගිය තාර්කිකමය විද්‍යාවක් නිසා ඕනෑම කෙනෙකුට මෙය ප්‍රායෝගිකව මේ ජීවිතය තුළම විඳිය හැකියි. බුදු කෙනෙක් මේ විද්‍යාව අවබෝධ කොට මුලින්ම දේශනා කරන්නේ අන්‍යාගමිකයන්ට සහ ආගමක් විශ්වාස නොකළ අයටයි! සැමටම විවෘත දෙයක්. ලෝකයේ සියලුම මනුෂ්‍යයන් කෙරෙහි දයානුකම්පාවෙන් ඔවුන්ගේ සදාකාලික සුවය වෙනුවෙන් විවෘත දර්ශනයක් මිස මෙය ආගමක් නොව.

අපි සැවම කුඩා කල සිට විද්‍යාව ඉගෙන ගෙන ඇත. එවිට අපි ආගම් භේදයක් සළකන්නේ නැත. මන්ද එය බුද්ධියට ගෝචර වීම පිණිස ඇති දෙයක් නිසා.

බුද්ධ දර්ශනය යනු ජීවිතය යන්න කුමක් ද යන්න අවබෝධ කරගැනීමට ඇති විද්‍යාවයි. සියලු දෙනා මෙම දැනුම ලබා උතුම් නිර්වාණ සුවය අති විඳ දුකින් මිදේවායි ප්‍රාර්ථනා කරනවා.



Enlightenment

When you talk about 'Enlightenment' with people who haven't experienced that, they tend to have doubts, and they can disagree or agree also.

Its because most of us agree or disagree on something with what we know already, with what we have experienced already.

Enlightenment is a stage in your own mind. No one can show it. At the stage of enlightenment or when you are literally reaching there. As a result you get to experience a happiness and peace in your mind which is not temporary. But permanent. Unlike the short term happiness you get by attaching with desire.

Lets say someone wants to go to Colombo who has never been to Colombo. I tell them Colombo is like this and that. Some tend to believe some tend to disbelieve cause they haven't been there. They haven't But if i give a vehicle to go there then you can go there and see..

To become enlighten, what we can do is follow the right path or the right method. If you put priority and use the methods properly, you will reach there. :) .

Many have walked the path, many are experiencing this already who had many problems in lives. And they enjoy every moment in there life with least problems, until they complete the enlightenment.



Thursday, September 28, 2017

අපි බොහෝ දෙනා බයයි දුක් විදින්න..
එහෙමත් නැත්තම් අකැමතියි.. ඒත් මනසේ ඇතිවන දුක බැදීම නිසා හටගන්න දුකක්. එහෙනම් අපි අකැමති වෙන්න ඕනෙ බැදීමට.

ඇයි බැදෙන්නෙ?

අපි ප්‍රිය මනාප දෙයක් දෙයක් දැක්කම, ඇහුනම, දැනුනම ඒහ් දෙයකෙරෙහි ආසාවකින් තෘශ්ණාවකින් බැදෙනවා. ඒකෙන් ආශ්වාදයක් ඇති වෙනවා. ප්‍රිය මනාප දේවල් ලෝකෙ තියෙනවා ඕන තරම්. ඒත් ආශ්වාදය ඇති වෙන්නෙ අපි ඒ දේ කෙරෙහි රාගයෙන් බැදීම නිසයි.

එහෙනම් අපි බය වෙන්න ඕනෙ දුකටද? ආශ්වාදෙටද?

බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ ආශ්වාදෙට බය වෙන්න කියලයි! මේ ආශ්වාදය දිගටම තියෙයි සතුටක් ගෙනෙයි කියලා අපි රැවටෙනවා.

ඔබ තේ බී අවසන් වීමෙන් පසු කෝප්පය ටික වෙලාවක් තැබුවොත් ඒ කෙරෙහි කුහුඹුවන් ඇදී එනු දැක ඇති.

ආයෙත් ටික වෙලාවකින් බැලුවොත් අර පැණිරස තේ පොඩ්ඩෙ ආශ්වාද විදින්න ආපු සමහර කූඹි ඒ තේ එකේම වැටිල මැරිල ඉන්නව දකින්න පුලුවන්.

ආශ්වාදයක් විදින්න ආපු කූඹියා කෙලවර උනේ ජීවිතෙත් නැති කරගෙන. ඉතින් තේරෙනවද ආශ්වාදයෙ කෙලවර??

ඒ නිසා ඔබට දැනෙන ආශ්වාද කෙරෙහි බිය වන්න.එහෙම උනොත් ඔබ දුකින් මිදෙන්නට හැකි වෙයි!

Why intelligent Guys should get more life experience?


Tuesday, September 26, 2017

මොකක්ද මේ අපිට අහන්න ලැබෙන නිවන?

මොකක්ද මේ අපිට අහන්න ලැබෙන නිවන?

අපි දවස ගානෙ මහන්සි වෙලා එක එක දේවල් ඉගෙන ගන්නවා, රැකියා කරනවා, හම්බ කරනවා ජීවිතේ සතුටක් එහෙමත් නැත්තම් ආශ්වාදයක් හොයන්න. අපි ඒත් මෙච්චර කල් කළේ අපිට බාහිර තියෙන දෙයක් තුළ සතුටක් හොයන්න. ඒත් මෙච්චර කල් කරපු දේවල් කළේ අනාගතයේ සැපයක් හෝ සතුටක් උදෙසා නේද? හදිසියෙවත් මැරුනොත් ඔය අනාගතයෙ සැප විදින්න වෙන්නෙ නෑනෙ. එතකොට අපිට සතුටක් භුක්ති විදින්න බැරිද දැන්? මේක ගැටලුවක් නේද?

මොකක්ද සතුට එහෙමත් නැත්තම් ආශ්වාදය?

අපේ කැමැත්තට අනුව තියෙන ඕනම දේකින් අපිට සතුටක්, ආශ්වාදයක් දැනෙනවා. අපි බොහෝ දේවල් (පෙම්වතුන්, දෙමව්පියන්, මිතුරන්,නෑයන්,යාන වාහන, වතු පිටි ඉඩ කඩම්, වත්කම්, සමාජ තරා තිරම් වගෙ දේවල්) "අපිට කැමති විදිහට" තියාගන්න බලනවා. මොකද අපේ සතුට එහෙම අපිට ඕන විදිහට තියෙනකන් පවතින නිසා.

ඒත් සමහර වෙලාවට මේ දේවල් වලින් අපේ ආශ්වාදය ලැබුනෙ නැත්තම් අපි ඒක තව එකකින් හොයන්න බලනවා. හරියට අපි ෆෝන් එකක් ගත්ත දවස් වල හරිම ආසාවෙන් ඒක බලනවා පරිස්සමින් පාවිච්චි කරනවා. ටික කාලයක් ගියාම අන්න ඒ ආශ්වාදෙ නෑ. ඉතින් අලුත් එකකට යනවා. ඕක ජීවිතේ හැම දේකටම දාගන්න පුළුවන්. සමහරුන්ට නම් පෙම්වතුන්/තියන් වෙන්නත් පුලුවන් ;) . ඉතින් මේ සතුට හොයන්න අපි දේවල් අල්ලගන්නෙ ආසාවෙන්. එහෙමත් නැත්තම් තණ්හාව කියනව. ඒකටම රාගය කියනවා. ඉතින් මේව අපිට කැමති සේ තියාගෙන සතුටක් විදින්න නේද අපි හදන්නේ? දැන් මේව ඇත්තටම අපිට ඕන විදිහටම තියෙනවද? ගැටලුවක් තියෙනවා..

ආදීනවය..

ඉතින් අපි මේ සතුට හෙව්ව අපෙන් පිට බාහිර දේවල් වලට පොදු ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි අනිච්ච බව. අනිච්ච බව කියන්නේ "අපිට කැමති සේ නොපවතින" ස්වභාවය. ඕක ධර්මතාවක්.  ඒක මේ ලෝකෙ ස්වභාවය.ඉතින් මේ දේවල් අපිට කැමති විදිහට නැති උනාම අපිට දුකක් අතෘප්තියක් දැනෙනවා. ද්වේශයක් තරහවක් එන්නත් පුලුවන්. ඒක නිසා නෙමෙයිද අපි සතුට ලබාගන්න අලුත් එකකට ගියෙ? එක්කො විඳව විඳව අපිට ඕන විදිහට තියාගන්න බැලුවෙ? එහෙනම් මේ බාහිරින් ගන්න දේ තුළින් "අපිට කැමති ලෙස" පවතින දෙයක් හොයාගන්න පුලුවන් වෙයිද? නෑ.

නිස්සරණය ..

අපි කැමැත්ත හොයන් යන දේවල් අපිට කැමති විදිහට පවතිතින්නෙ නැති එක මේ ලෝකෙ ධර්මතාවක්. ඉතින් අපි මේ බාහිර දේවල් වලින් එන ක්ෂණික ආශ්වාදය දැකල ඒ දේවල් කෙරෙහි රාගයෙන් / ආසාවෙන් බැදිල සතුටක් බලාපොරොත්තු වෙනවනම් ඒකෙන් දුකක්මයි අතෘප්තියක්මයි ඇති වන්නෙ. ඉතින් මේ හරයක් නැති දේ "අනත්ත" අනර්ථවත්, අසාර දෙයක් කියල බැදෙන්නෙ නැතුව ඉන්නයි ඕනෙ..  එතකොට දුකක්/ අතෘප්තියක් ඇති වෙන හේතුවක් නෑ.

මොකක්ද මේ බැඳීම..?

අපිට සමහර දේවල් දැක්කම ප්‍රියමනාපයි ආසයි ආශ්වාදයි. ඒ වගේ දෙයක් අපේ කරගන්න අපි බැදෙන්නෙ රාගයෙන්/කැමැත්තෙන්. මේකට කියනවා රාගයෙන් පටිච්ච [පටි(බැඳීමා+ඉච්ච(කැමැත්ත) = කැමැත්තෙන් බැඳීම] වෙනව කියලා. රාගයෙන් බැදුනොත් ඒකෙ ආදීනවය තමා ඉහත විස්තර කළේ.

සමහර දේවල් වලට අපි ආස නෑ. අප්‍රියයි. ඉතින් සමහරු ඔය අප්‍රිය දේවල් එක්ක ගැටෙන්න යනව. ද්වේශයෙන් පටිච්ච වෙනවා. තරහව වෛරය ඇති වෙනවා. ගහ මරාගන්නවා. ඒකෙනුත් දුකක් පීඩාවක්මයි එන්නෙ.

ඉතින් මේ ලෝකෙ ප්‍රිය දේවල් වත්, අප්‍රිය දේවල් වත්, උපේක්ෂාවක් පවතින දේවල්වත් අපිට කැමති සේ පවතින්නෙ නෑ කියල දන්න කෙනාට ආයෙ අයේ රාගයෙන් හරි ද්වේශයෙන් බැදිල දුක් විදින්න උවමනාවක් එයිද? මෙච්චර කාලයක් මේ දේ නොදැන  අපි මෝහයෙන් (ජීවිතය /සිත පිළිබඳ විද්‍යාව නොදැනීම ) ගියපු ගමනක් ජීවිතය. ඒකයි අපි අසතුටින් අතෘප්ත්මත්ව ජීවත් වුනේ.

මෝහයෙන් , රාගයෙන් , ද්වේශයෙන් බැඳි බැඳි සැපක් බාහිරින් ලබාගන්න බෑ. ඒකයි ලෝක ධර්මතාවය. ඉතින් රාග, ද්වේශ මෝහ වැඩපිළිවෙල නිස්සාරණය කරමින් යන ගමන තමා නිවන් මග. මේ දේ මනාව තේරුම් ගත් කෙනා... අසීමිත සාතුටකින් තෘප්තියකින් තම ජීවිතය ගෙවනවා.

තව කෙනෙක් එක්ක තරග කරලා, ගහ මරාගෙන, හොරකම් කරල, බොරු කියල, කේලාම් කියල ලබා ගන්න සතුටක් ඇත්තට නෑ කියල තේරුම් ගන්නවා. මේ විද්‍යාව දැනන් හිටපු නැති කෙනෙක් මානසික පීඩනයකට ලක් වෙන්නෙ රාග ද්වේශ මෝහ වැඩ පිළිවෙල නිසයි. ඉතින් මේ විද්‍යාව අවබෝධ වුන කෙනාගෙ ලය සිසිල් වී "සී ලයක්" ඇති වෙනවා. එයට අරිය කාන්ත සීලය කියනවා. සමාදන් වීමකින් නොව අවබෝධය තුළින්ම සිල් නොකැඩී පවතිනවා. ඇස් වහන් දුවපු ගමනක් ඇස් ඇරන් දුවන්න පටන් ගන්නවා. ඒකට කියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වුනා කියල.මෙයින් උතුම් වූ සෝවාන් ඵලයට පත් වෙනවා. දැවි දැවි ගියපු පාරෙන් මිදිල නිවෙන පාරට යොමු වෙලා නිවන් මාර්ගයට එළෙඹෙනවා.

ඉතින් ඔන්න ඕකයි නිවන.

කාලයක් සැඟව ගියපු අර්ථවත් බුදු දහම නැවතත් මතු වී තිබෙන මේ කාලයේ තව තවත් මේ පිළිබඳව සොයාගෙන තව තවත් ධර්මය අසා තේරුම් ගෙන අඩුම තරමේ සම්මා දිට්ඨියට පත්ව සතර අපා ගත නොවී සතුටින් ජීවත් වෙන්න කියල ආරාධනා කරනවා. නිවන් සුව විදීමට කාලයයි!

Tuesday, June 6, 2017

නැගිටිමු සිරිලක් පුතුනි

සැදී ඇත ලොව සමාජයක්
භෞතික නොවූ ව'චුවල් එකක්
තමාටත් නැති අනෙකටත් නැති
කියති උන් හිස් පද ගොඩක්


තමා තුළ ඇති වැරදි නොසොයා
අනුන්ගේ කුණු සොය සොයා
ශෙයා කරලා කොමෙන්ට් කරලා
පතුරවති දුස් සිල් ක්‍රියා


නමට ආගම ජාතියක් ඇත
ලේබලේටම සීමා වූ
තියෙද ඒ ලක් සාරදම් අද
අසනු තම හද සාක්කියෙන්


අනුන් වෙත දොස් නැගීමට පෙර
සිතනු නුඹ හොඳ දැයි කියා
අසා ධර්මය ලබා හොද ගුණ
ගෙවනු දිවියක් සතුටිනා


නොකර ද්වේශය අපෙම දන හට
පතුරවමු මෙත් කරුණාම සිත්
කළොත් කාරිය භක්තියෙන් නුඹ
නොවේ පිරිහුම කිසි ලෙසින්


අනෙක පැසසුම් ලබා දීමට
කළත් සමහරු ලක් මවුන් හට
කරයි අපෙ උන් විවේචනයම
වෙයිද සිරිලක ආශ්චර්යය?

තෙරුවන් සරණයි!