Tuesday, June 6, 2017

නැගිටිමු සිරිලක් පුතුනි

සැදී ඇත ලොව සමාජයක්
භෞතික නොවූ ව'චුවල් එකක්
තමාටත් නැති අනෙකටත් නැති
කියති උන් හිස් පද ගොඩක්


තමා තුළ ඇති වැරදි නොසොයා
අනුන්ගේ කුණු සොය සොයා
ශෙයා කරලා කොමෙන්ට් කරලා
පතුරවති දුස් සිල් ක්‍රියා


නමට ආගම ජාතියක් ඇත
ලේබලේටම සීමා වූ
තියෙද ඒ ලක් සාරදම් අද
අසනු තම හද සාක්කියෙන්


අනුන් වෙත දොස් නැගීමට පෙර
සිතනු නුඹ හොඳ දැයි කියා
අසා ධර්මය ලබා හොද ගුණ
ගෙවනු දිවියක් සතුටිනා


නොකර ද්වේශය අපෙම දන හට
පතුරවමු මෙත් කරුණාම සිත්
කළොත් කාරිය භක්තියෙන් නුඹ
නොවේ පිරිහුම කිසි ලෙසින්


අනෙක පැසසුම් ලබා දීමට
කළත් සමහරු ලක් මවුන් හට
කරයි අපෙ උන් විවේචනයම
වෙයිද සිරිලක ආශ්චර්යය?

තෙරුවන් සරණයි!

No comments:

Post a Comment